දන්න Apple වල නොදන්න කථාව..

දන්න i phone එකේ නොදන්න කතාව..





i phone  එකේ ආගමනයත් එක්කම apple සමාගම ගැන ලෝකෙ හැමෝම කතා කරන්න ගත්තා. මේ වෙනකොට ලෝකෙ හොදම tech company  5 අතර රැදී සිටින හා ලොව හොදම company 10 අතර ද ඔවුන් දිගු කාලයක් රැදී සිටිනවා. අද ඔබ මේ කියවන්නෙ ඒ ලෝක ප්‍රසිද්ධ  company එකේ අතීත කතාව , එහෙම නැත්තම් pc consepct එකේ උපත ගැන.



1970 පමණ කාලයේදී පරිගණක ය භාවිතා කලේ වෙළද , යුධ කටයුතු වලට පමණයි. ඒ කාලෙ පරිගණක නිශ්පාදනයේ ප්‍රමුඛයින් උනේ ibm , hp වගේ ආයතන. ඔවුන් නිශ්පාදනය කල නිර්මාණ පෞද්ගලිකව භාවිතා කල නොහැකි තරම් සංකීර්ණයි.


ඉතින් මේ කාලෙ steve wosniak කියල තරුනයෙක්ට ඕනෙ වෙනවා තමන්ටම කියලා පරිගණකයක් හදා ගන්න. ඉතින් 1974 දි විතර ලෝකෙට micro proseser එක එනවා. ඒ වෙන්කන් තිබුන සංකීර්ණ පරිගණක වෙනුවට ප්‍රමාණයෙන් කුඩා පරිගණක නිපදවීමට හැකි වෙනවා. මේ ක්‍රමය ගැන steve wosniak  හොදින් අධ්‍යන කරනවා. Steve wosniak ඉක්මනටම තනියෙන් computer එකක් හදන්න ගන්නවා. ඒක DIV consepct එකෙන් නිමැවුන තරමක් කුඩා පරිගණකයක්. ඉතින් මේ කාලෙ තාක්ශණවේදය ට ආස කරන අය එකතු වෙලා clubs හදාගන්නවා. Steve wosniak මේ club වලට තමන්ගෙ computer එක modify  කරන ගමන්ම ඉදිරිපත් කරනවා. මෙහෙම කාලයක් යනකොට steve wosniak ට හමුවෙනවා ටිකක් කපටි හොද මොලයක් තියෙන යාලුවෙක්.. ඒ තමයි steve jobs කියන්නෙ. මේ පරිගණකය තවත් modify කර වෙළදපොලට නිකුත් කිරීමට jobs යෝජනා කරනවා. 




           Steve wosniak



                        ඉතින්  මෙන්න මෙහෙම කාලයක් යනකොට steve jobs  හා steve wosniak විසින් ලෝක ප්‍රසිද්ධ  Apple company  එක පරන් ගන්නවා. පසුව ඔව්න්ගේ මිත්‍රයෙකු වුන Ronald wanye මේ සමාගමේ මුදල් ආයෝජනය කරනවා.

මොවුන් මේ සමාගමට මුදල් යෙදවීම පසුපසද රසවත් කතා තිබෙනවා.  Steve jobs විසින් තමා ලග තිබූ wokz wagen කාර් රථය විකුනා සහ steve wosniak  විසින් තමා ලග තිබූ sintific calculeter එක විකුණා සමාගමේ කොටස් සදහා ආයෝජනය කලා. මුලින්ම steve jobs  ගේ නිවසේ පටන් ගත් සමාගම පසුව ඉඩ පහසුකම් අඩු නිසා සමාගම ඔහුගේ ගරාජය ට ගෙන යනවා. නමුත් සමාගමේ ආරම්භයෙන් මාස කිහිපයක් ගත වන විට  Ronald wanye විසින් තම කොටස් steve මිතුරන්ට විකුනා සමාගමෙන් ඉවත් වෙනවා. වර්තමානයේදී එම කොටස් ගනන ඔහු සතු වූයේනම් ඔහු මේ වනවිට සුපිරි බිලියනපතියන් අතර රැදී සිටීමට තිබුණා.





Jobs's house



කාලයත් සමග Apple company  එක විසින් Apple one නැමැති D.678 නැමැති කුඩා පරිගණකයක්. මේක ඒ කාලෙ 300$ වගේ ගානකට තමයි විකුනලා තියෙන්නෙ. 


  



             මේ Apple කියන නම දාපු එක.  එහෙම නැත්තම් කැබැල්ලක් කෑ ඇපල් ගෙඩියක සළකුන ගැනත් ගොඩක් කතා තියෙනවා. සමහර අය කියන විදිහට මේ නම යොදා ගෙන තියෙන්නෙ සර් අයිසෙක් නිවුටන් විසින් සොයාගත් ගුරුත්වාකර්ශණ බලය පිලිබදව මූලික අදහස පැමිනීමට  ඇපල් ගෙඩිය සම්භන්ධ වීමත් පසුව එයින් නව මානයන් පිලිබදව මිනිසුන් දකින්නට පෙලබීම මෙයට හේතුව වී තිබෙනවා.  මනුත් මා ඇතුලු බොහෝ දෙනෙක් විශ්වාස කරන පරිදි මේ logo එකට හේතුව වී ඇත්තේ Alen tiureen නැමැති ලොව පහල වූ විශිෂ්ඨ ම Ai තාක්ශණයේ පියා බදු අනර්ඝ මිනිසා සිහිවීමට බවයි. එයට හේතුව නම් Alen tiureen  මියගොස් ඇත්තේ ද විශ කැවූ ඇපල් ගෙඩියක් ආහාරට ගැනීමෙන් නිසා apple සමාගමේ Logo එකට කැබැල්ලක් කෑ ඇපල් ගෙඩියක රූපයක් යොදා ගෙන තිබෙනවා.


Alen tiureen


කාලයත් සමග ඉදිරියට යන Apple සමාගම විසින් Apple 2 පරිගණකය එලි දක්වන අතර  තවත් කෙටි කාලයකදී Apple leza හා mackintosh පරිගණක එලිදක්වනවා. Mackintosh පැමිනීම සමගින්  එතෙක් තිබූ comando lines නැමැති personal computer  (pc) සංකල්පයේ ආරම්භය සනිටුහන් වෙනවා.





     i phone එකේ කථාව……


Pc වලින් ලද විශාල සාර්ථකත්වයෙන් ලද පන්නරය නිසා steve jobs  නව අදහසක් සමගින් නව ගමකට පා නැගීමට සැරසෙනවා. දිනක Apple සමාගමේ හොදම සේවකයෙක් වන tony faddell කැදවා i pod එක භාවිතයෙන් ජංගම දුරකථන යක් නිපදවීමට භාර දෙනවා. Steve විසින්  තවත් විශ්වාසවන්ත සේවකයෙක් වන scot fostel ට mac os එක භාවිතයෙන් screen එකක් සහිත ජංගම දුරකථනයක් සෑදීමට භාර දෙනවා.

        මේ වැඩේ ඉතාම අසීරු කාර්ය ක් වුනේ ඒ වෙනකන් කිසිම කෙනෙක් smart phone  එකක් දැකලා නැති වීමයි.


                     Tony fadell


2007 දවසක ලොවක් පුදුම කරවන දෙයක් එලිදක්වන දිනය උදා වෙනවා. ඒ තමයි Apple praducts introduction එක. එම සභාව මෙහෙයවන steve jobs  කියනවා එයාල අද items 3ක් එලිදක්වන බව. ඒ නම්,



  1. Wide screen touch control i pod එකක්

  2. Mobile phone  එකක්

  3. internet communicater එකක් 


බවයි. පසුව ඔහු පවසනවා මෙය item 3ක් නොවන බවත් මෙය තනි devise  එකක් බවත් එය i phone  නැමැති වන බවත්ය. ඒත් සමග මුලු සභාවම අත්පොලසන් වලින් ගිගුම් දෙනවා. ඒ තමයි ලොවක් වෙනස් කල iphone  එක. මේකට මුලින්ම plastic glass එකක් භාවිතා කරත් එහි අපහසුතා නිසා පසුව ඒ සදහා Gorilla galass යොදා ගන්නවා. i phone එකේ side look එක පිලිබදව අදහස හා නිර්මානය Apple සමාගමේ  fedee ansules නැමැති නිර්මාණකරුවා විසින්.




වර්ථමානයේ Apple company  එක Apple park way නැමැති ස්ථානයේ පවතිනවා. තමන්ගේම opareting system  වලින් හා hardwere වලින් නිපදවන laptop , tablet , i phones වල ආශ්වාදය මුලින්ම ලබා දුන් ඇපල් සමාගම මේ වන විට මිනිසුන් ගේ හදවතේ ලැගුම් ගෙන හමාරයි..


              




Author :- yashen fernando

                             Tech blogger

Comments