Google humm to search

          Google humm to search…..






මේ ලෝකෙ හැමෝම සිංදු අහනවා. ඉතින් කාලෙකට කලින් අහපු සිංදුවක් ඔයා ඒ සිංදුව නිතරම අහන්නෙ නැත්තම් කාලයත් එක්ක අමතක වෙනවා.  නිශ්චිත කාලයක් තුල , මොලය විසින් තැන්පත් කර ඇති දත්තයක් ඔයා output නොකර හිටියොත් ඒ දත්තය ඔබේ මොලයෙන් ක්ශය වී යනවා.

ඉතින් කාලෙකට කලින් ඔයා අහපු සිංදුවෙ නම (lyrics) අමතක උනත් ඒ සින්දුවෙ තනුව ඔයාට මතක තියෙන්නෙ 78%ක සම්භාවිතයක් තියෙනවා…

               

                    ඉතින් ප්‍රශ්නයට පිලිතුරක් හදුන්වනවා දීමට ලොව විශාලතම Ai technology  company එක වන Google Ai සමාගමට හැකි වී තිබෙනවා.මෙයට ඔව්න් deep ai system  එකක් යොදා ගෙන තිබෙනවා . Google Ai හි google humm ලෙස හදුන්වන මෙම සේවාවෙන් ඔබට අවශ්‍ය ගීතයේ තනුව input (humm) කර විට ඔබට අවශ්‍ය ගීතය (output)  සොයාගැනීමට හැකිවනවා… මෙම සේවාව ඔබගේ google assistant app එක update කිරීමෙන් හෝ ඔබ android 9 හෝ 10 user කෙනෙක් නම් ඔබට මෙම සේවාව ලබා ගත හැකියි…   ඔබ android os user කෙනෙක් නම් languages 20කින් හා ඔබ ios user කෙනෙක් නම් English වලින් ගීත සොයා ගත හැකියි….







 මේක වෙන්නෙ කොහොමද ?


              Google  සතුව ලොව ඇති ගීත විශාල ප්‍රමානයක waves (තරංග)  ගබඩා කර තිබෙනවා. මේ ගීත සියල්ලෙහිම waves තත්පර 8හි කොටස් වලට බෙදා වෙන්කරනවා. එකම ගීතය උවද මිනිසුන් විසින් ගායනා කරන ශෙලීන්ට  අනුව වෙන් වෙන්ව google සතු වෙනවා.


  තත්පර 8හි කොටස ප්‍රථමව binary  (ද්වීමය) ලෙස තැන්පත් කර ඇති wave එක ඔබ විසින් ලබා දෙන humm (තනු කොටස) එකහි wave එකත් සමග සංසන්දනය කරනවා…. මෙය google  විසින් Music recodnition technology ලෙස හදුන්වනවා. 



සංසන්දනය ක්‍රියාවලියන් පසුව ඔබේ input  එකට අදාල ගීතය හෝ ඊට බෙහෙවින් සමාන ලෙස අනුමාන කරන ගීත output එකක්  ලෙස ලැබෙනවා. අවශ්‍ය නම් එය youtube හරහා open කර ගැනීමද එම අවස්ථාවේ දීම සිදු කල හැකියි.


Classical algorithm  vs Ai technology 


මේ වනවිට  ලොව වැඩියෙන්ම භාවිතාවන programing method   එක වන්නෙ classical algorithm එහෙම නැත්තම් if , else , elif , loops….. යොදමින් කරන programs .    මේ programs හරියටම අපේ thinking brain එක වගේ. නිවැරදි තීරණ ගන්න පුලුවන්. හැබැයි අපි දන්නව සැබෑ ලෝකයේ pacrical  වෙන්නෙ අපේ feeling brain එක කියලා..       



Ai  එකෙන් පුලුවන් හරියට අපේ brain  එකේ තියෙන neurons වලින් කෙරෙන කාර්ය කරන්න. මේක සිද්ධ වෙන්නෙ හරියට අපි පොඩිකාලෙ දෙයක් ඉගෙන ගන්නව වගේ step by step. හැබැයි ඔයා වැඩිහිටි කෙනෙක් වෙනකොට ඔයාට පොඩිකාලෙට සාපේක්ෂව  ලොකු දැනුමක් තියෙනවා. ඒ වගේම ඉක්මන් තීරණ ගැනීමත් සිදුකල හැකියි. ඉතින් Ai system එකකුත් කාලයත් සමග අද්දැකීම් ලබා ගෙන තවත් වේගවත් වෙනවා.




ඉතින් මේ වැඩේ classical algorithm  එකකින් කරන්න ගියා නම් මේක හදන්න තවත් ගොඩක් කාලයක් යන්නත් තිබුණා.  නමුත් මෙයට AI SYSTEM එකක් යොදා ගැනීමෙන් මේ කාර්ය පහසුවෙන් නිර්මානය හා නඩත්තු කල හැකිවනවා මෙන්ම එය ග්‍රාහක ඔබටද පහසුවක් වනවා.


ඉතින් මේ Classical programing  හා Ai එකතුවෙන් අතිසාර්ථ නිර්මාන බිහි වෙමින් පවතිනවා. සමහර විට තවත් වසර කිහිපයකින් මිනිස් මොලයක iq අගය පරදවීමට  ai system එකකට හැකි වේවි.


                 

                          Yashen Fernando 

                        Tech blogger 

                        2k20


     Google humm to search කරන හැටි මේ link එකෙන් බලන්න .... How search in song goigle humm  


Comments

Post a Comment