Google Crowdsource

  • GOOgle Crowdsource




Google සමාගම විසින් තමන්ගේ artificial intelligence programs වැඩිදියුනු කරගන්න එහෙමත් නැත්තම් AI programs වලට data feed කරන්න users ලගේ උදව් ලබා ගන්නවා. AI program එකකට ලැබෙන data වැඩි වෙන තරමට ඒ program එකෙන් ලැබෙන outputs වල නිවැරදිතාවය වැඩිවෙනවා. ඉතින් මේ google crowdsource කියන්නෙත් ඒ වගේ users ලගේ උදව් ලබාගන්න වැඩසටහනක් කියලා කිව්වොත් නිවරැදියි.


  • මේකෙන් මොකද වෙන්නෙ ?

මේක සරල උදාහරණයක් අරන් පැහැදිලි කරන්න පුලුවන්,


උදාහරණය විදිහට අපි ගමු hand writing to text converter එකක්. මේකෙදි වෙන්නේ කෙනෙක් අත් අකුරෙන් ලියන දෙයක් text එකකට convert කරන එක. ඉතින් ඒ අනුව AI හරහා check කරලා බලනවා ඒ අත් අකුරට අදාල Unicode character එක මොකක්ද කියලා. ඊටපස්සේ තමා text එකක් විදිහට output අපිට ලබා දෙන්නේ.


ඉතින් මේ වගේ process එකකට AI software එකකට දත්ත විශාල ප්‍රමානයක් ඕනෙ වෙනවා. ඒ දත්ත සියල්ලක්ම software එකේ developers ලා විසින්ම ලබාදෙන එක අසීරු වැඩක් නිසා තමා මේ crowdsource වගේ programs කරලා අපෙන් දත්ත ලබා ගන්නේ. මේක සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන feacher එකක්.





Google crowdsource වල අපිට විවිධ category වලට contribute කරන්න පුලුවන්.    ඒවා තමා,


  •  Image label 


verification-මෙතනදී කරන්න තියෙන්නෙ අපිට ලබාදෙන images වලට ඒ අදාල label එක ගැලපෙනවද කියලා confirm කරන්න.

Image caption-මේකත් image label verification වගේම ටිකක් වෙනස් එකක්.



  • Handwriting


 recognition-අත් අකුරු හදුනාගෙන type කරන්න.

Facial expressions-මුහුනු වල තියෙන හැගීම් හදුනාගන්න.

Translation-පරිවර්ථනය කරන්න.

Translation validation- පරිවර්ථනය කරපු ඒවා තහවුරු කරන්න.

ඉතින් මේ category වලින් කැමති category එකකට ගිහිල්ලා contribute කරන්න අපිට පුලුවන්.


  • කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ ?


Google crowdsource program එකට අපිට contributor කෙනෙක් විදිහට සම්බන්ධ වෙන්න නම් ඉස්සෙල්ලාම අපි google crowdsource app එක install කරගන්න ඕනේ. ඊටපස්සේ අපි කැමති category එකක් තෝරගෙන ඒ ඒ category එකට අදාල contributions කරන්න ඕනේ. මෙතනදී අපි කරන හැම contribution එකක්ම count වෙනවා.contributions ටික ටික වැඩිවෙද්දී අපි level up වෙනවා.





  •  ඇයි අපි මේක කරන්නම ඕනෙ…...


මේකත් සරල උදාහරණයක් අරන් කියන්න පුලුවන්.


අපි google translate භාවිතා කරනකොට අත් දකින දෙයක් තමා නිවැරදිම තේරුම ලැබෙන්නේ හරිම අඩුවෙන් කියන එක. ඉතින් මෙන්න මේ වගේ දේවල් වෙන්නේ google AI programs වලට සිංහල භාශාව ගැන දත්ත අඩුවෙන් ලැබිලා තියෙන නිසා.


මෙන්න මේ වගේ දේවල් ඉදිරියට හරි නිවැරදි කරගන්න තියෙන හොදම ක්‍රමය වෙන්නෙ  google crowdsource. මොකද කියනවනම් ප්‍රධාන භාශා වැඩි දියුනු කරන්න ලෝකේ හුගක් අය ඉන්නවා. නමුත් cyber අවකාශයේ සිංහල භාශාව වැඩිදියුනු කරන්න පුලුවන් ලංකාවේ අපිට විතරයි.🇱🇰


Comments